Reset Password

Your search results

Horton Plains via Nanperial Road-Nagrak Bungalow-නන්පේරියල් හරහා ලෝකාන්තයට

Published on June 28, 2016 by Lion Anura Pallamulla

නන්පේරියල් හරහා ලෝකාන්තයට.Horton Plains via Nanperial Road

ලංකාවෙි සුන්දරම මාර්ගයක් දිගේ ලෝකාන්තය මුදුනට…. ලෝකාන්තය කියපු ගමන් අපි හැමෝම වගේ දන්නව්‍රා ලෝකාන්තය පිහිටලා තියෙන්නේ හෝටන්තැන්නේ කියලා . ඇත්තටම අපි වැඩිදෙනෙක් යන්න පුරැදු වෙිලා ඉන්නේ නුවරඑළිය පට්ටිපොල හරහා මාර්ගයෙන් තමයි ඒ වගේ්ම හපුතලේ බොරලන්ද හරහා ඔිහියට ඇවිල්ලත් එන්න පුළුවන් 4විල් වාහනයක් එහෙම තියෙනවනමි කලුපහනේ ඉදන් බබරකන්ද උඩවෙිරිය හරහා ඹිහියට ඇවිත් හෝටන් තැන්නට එන්න පුළුවන් . හැබයි මෙි හැම මාර්ගයකට සුන්දරත්වයනමි එකකට එකක් වෙනස් ඒ නිසා වෙිලාවක් තිබුනු දවසක මෙි මාර්ග වලිනුත් හෝටන්තැන්නට යන්න අමතක කරන්න ඒපා .

ඉතින් මම කියන්න ආවෙි ලෝකාන්තය බලන්න යන්න පුළුවන් තවත් අලුත් මාර්ගයක් ගැනයි . අපි ලෝකාන්තය බලන්නන ගියාම උඩ ඉදලා පහල බලන විට පෙනෙන නන්පේරියල් වතුයාය හරහා ලෝකාන්තය මුදුනට යන්න පුළුවන් මාර්ගයක් ගැන තමයි මෙි කියන්න යන්නේ . බලංගොඩ හරහා හපුතලේට යන මාර්ගයේ බෙලිහුල්ඹය පහුකරලා කි.මි. 2ක් වගේ ඉදිරියට යන කොට වමි අත පැත්තට ලෝකාන්තයට කියලා බෝඩි එකක් දාල තියෙන හන්දියක් හමුවෙනවා අන්න ඒ මාර්ගය දිගේ 4විල් වාහනයකින් යන්න පුළුවන් උපරිම දුර කි.මි. 23 ක් විතර මාර්ගය අවසානයේ ඇති නන්පේරියල් වත්තේ නග්රග් බංගලාවේ ඹබෙි වාහනය නතරකරලා තවත් කි.මි. 3ක් වගේ පාගමනින් ගිය විට ලෝකාන්තයට ලගාවන්නට පුළුවන් .

ඇත්තටම මෙි මාර්ගය තමයි මම දැකපු ලංකාවෙි තියෙන සුන්දරම මාර්ගය . හිරිකටුඹයේ නිමිනය දිගේ ඉහලට යත්ම මාර්ගය අද්දරින් කඩා හැලේන නන්පේරියල් වතුයායේ දියඇලි කිහිපයක්ම ඹබට දැක ගන්න පුළුවන් විමත් විශේෂයි. ඒ වගේම මෙම මාර්ගයේ කි.මි. 23 ඇතුලත වංගු 33ක් අපට හමුවෙනවා මෙම වංගු වලින් වැඩිහරියක් රිවස්කරලා තමයි යන්න තියෙන්නේ. ඇත්තටම මෙි මාර්ගයේ ගමන් කරන ඹිනෑම කෙනෙකුට ත්‍රසය වගේම බිතියකින්තමයි ගමන් කරන්න වෙන්නේ මොකද වට වංගු වගේම පහල පෙනේ ප්‍රපාතය නිසා යන හැම කෙනෙක්ටම වගේ බියක් ඇතිවිමනමි අනිවාර්්‍යයයි.

මෙහි හමුවන බෙිකර් බෙන්ඩි ඒක ඇත්තටම සුන්චරම ස්ථානයක් මුහුදු මටිටමෙි ඉදන් අඩි 5000කට වඩා ඉහලින් තමයි මෙය පිහිටලා තියෙන්නේ සැමුවෙල් බෙිකර්ස් කියන සුදු ඡාතිකයා තමයි මෙි මාර්ගය ඉදිකරන්න මුලික වෙිලා තියෙන්නේ ඉතින් ඒනිසා ඹහුගේ නමින් මෙම වංගුව නමිකරලා තියෙනවා ඹහුට උපහාරයක් විදියට . තවත් ඉහලට යත්ම ගල් තලාව ස්භාවිකව නිර්මානය වෙිලා තියෙන ලංකා සිතියම අපට දැක බලාගෙනම මාර්ගය අවසානයේ ඇති නග්රග් බංගලාව ලගට යන්න පුළුවන් . නග්රග් බංගලාව කියන්නේ තවත් සුන්දරම ස්ථානයක් තමයි මෙතන තියෙන සුන්දරත්වය ගැන කියන්නනමි මට ඇත්තටම කියන්න වචන නැති තරමි . ඒ නිසා දවසක ඹබත් ඇවිත් මෙහි සුන්දරත්වය විදගෙන මෙම අත්දැකිම ලබන්න කියලා අපි ආරාධනා කරනවා අඩි 7000ක් වගේ උසකින් තමයි බංගලාව පිහිටලා තියෙන්නේ මෙි නිසා මෙතෙන්ට ලංකාවෙි දකුණු දිග ප්‍රදේශය හොදට දැක බලා ගන්න පුළුවන් ඒ නිසා මෙම මාර්ගය දිගේ ලෝකාන්තයට ඹබත් යන්න අදහසක් තියෙනවනම් ඹබ නග්රග් බංගලාව බුක් කරගෙන තමයි මෙම ගමන යන්න ඹින .

මොකද එහෙම නැතිනමි ඹබට මෙම මාර්ගයට ඇතුල්වෙන්න වතු පාලන ුධිකාරියෙන් අවසර නැති නිසා . බංගලාවෙි 10 කුට ඉන්න අවසර ලැබෙනවා දවසකට රැ.20000 ක් වගේ තමයි ගානනමි . උයලා දෙන්න අපට අවශ්‍යය පහසුකමි සලසා දෙන්න අප්පු කෙනෙක් එක්ක තව දෙන්නෙක් ඉන්නවා ඒ නිසා කරදරයක් නැතිව හොදට නිදහසේ ඉදලා පහුවදා උදේම ලෝකාන්තය බලන්න යන්න පුළුවන් ඉතින් අපි ආරාධනා කරනවා ඹබත් මෙම ගමන ගිහින් මෙි අත්දැකිම විදගන්න කියලා බංගලාව බුක්කරනවනම් 0455622533 ට කතා කරලා බුක් කර ගන්න පුළුවන්.

Book Nagrak Bungalow Call – 0455622533

 

Comments

comments

Leave a Reply